සයුරෙන් එතෙර
කොවිඩ් එන්නත් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්
May 20, 2021 04:36 pm
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ සියලූම කොවිඩ් එන්නත් වර්ග, ලොව මෙතෙක් හඳුනාගෙන ඇති සියලුම කොවිඩ් ප්‍රභේදවලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව එම සංවිධානයේ යුරෝපානු ප්‍රධානියා පවසයි.
ඔහු එහිදී අවධාරණය කළේ, ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ල වේගවත් කරමින් පැතිරයන නව විකෘති කොවිඩ් ප්‍රභේදය සඳහා ද එම එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවය.
