බද්දේගමින් ආසාදිතයින් 65ක් හමුවෙයි
May 5, 2021 11:30 am
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් බලප්‍රදේශය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පී නවරත්න මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ සිංහල අලුත් අවුරුදු කාලසීමාවෙන් පසු මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.
ඒ අනුව නිවෙස් 220ක පුද්ගලයින් 320 දෙනෙකු දැනට නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පවසයි.
ඊයේ දිනයේදී ද ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මීට පෙර සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල තවදුරටත් ලැබීමට නියමිතව ඇත.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ ඊයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් අතර බද්දේගම ප්‍රදේශයේ විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු සහ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් වන බවය.
ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන සිටි පිරිසකි.