ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කරන්නන්ට අනතුරු ඇඟවීමක්

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කරන්නන්ට අනතුරු ඇඟවීමක්

April 11, 2021   02:24 pm

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ සංවිධාන ද මත පළකර ඇති බවය.

ස්මාර්ට් ජංගම දුරකථනයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්භක තරංග පිළිකා ඇතුළු රෝග ඇතිවීමට බලපාන බව ඔහු එහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' සමග වැඩිදුරටත් අදහස් දැක්වු පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පැවසූවේ,

"ස්මාර්ට් ජංගම දුරකථනයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්භක තරංගවලට දිගු කාලයක් තිස්සේ නිරාවරණයවීම රෝග ඇතිවීමට මග පාදන්න පුළුවන්. මේ රෝග මොනාද? විශේෂයෙන් මොළය ආශ්‍රිත රෝග, පියයුරු පිළිකා, පුරුෂයින් සතු දරුවන් හැදීමේ හැකියාව අඩුවීම, දරුවන්ගේ අවධානය අඩුවීම, අධි ක්‍රියාකාරීත්වය ඇතිවීම, සාමාජීය ගැටලු වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයේදී සීමා ඇතිකරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇති කරගත යුතුයි."