මැණික් පතලක් තුළ සිරවී දෙදෙනෙක් මරුට

මැණික් පතලක් තුළ සිරවී දෙදෙනෙක් මරුට

March 28, 2021   08:09 am

අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මැණික් පතලක් තුළ සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ එම සිද්ධිය වාර්තා වී ඇත.

පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.

පතල තුළ සිරවී මියගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම පුද්ගලයින් දෙදෙනාගේ මියයෑම සිදුවූ ආකාරය සොයා පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවය. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

අදාළ පතල සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.