වාරිමාර්ග ආඥා පනත සංශෝධනයට පියවර ගැනෙයි
March 25, 2011 02:55 pm
මෙරට ක්‍රියාත්මක වාරිමාර්ග ආඥා පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
වඩා ඵලදායී කාර්යක්ෂම වාරිමාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වී ඇත.
මෙරට වාරිමාර්ග ආඥා පනත 1946 වසරේ දී මුලින්ම සම්මත වූ අතර එය අවස්ථා කිහිපයක දී හැර ඵලදායී අයුරින් සංශෝධනයට භාජනය වී නැත.
මේ හේතුවෙන් අදාළ පනත් කාලීන වශයෙන් වෙනස් විය යුතු ආකාරය පිළිබඳ අවධානය යොමු කර ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් කමිටුවක් ද නම් කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරු සහ ජලසම්පාදන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනවල නිලධාරීන් එම කමිටුවට අයත්ය.