ශ්‍රී ලංකාවේ ජාතික ධජය සහිත පාපිස්නාව නිපදවා ඇත්තේ චීන සමාගමක් - බීජිං හි තානාපති කාර්යාලයට විදේශ ලේකම් දැනුම්දෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ධජය සහිත පාපිස්නාව නිපදවා ඇත්තේ චීන සමාගමක් - බීජිං හි තානාපති කාර්යාලයට විදේශ ලේකම් දැනුම්දෙයි

March 12, 2021   03:49 pm

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද පාපිස්නා වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන් එම පාපිස්නා නිෂ්පාදනය කරනු ලබන චීන සමාගම සම්බන්ධ කරගන්නා ලෙස විදෙශ ලේකම්, බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම්දී තිබේ.

විදෙස් කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, "ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, "Sri Lanka Flag Non-Slip Doormat" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදීගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසොන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වී තිබේ,"යනුවෙනි. 

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ අදාළ නිෂ්පාදනය පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයට ද යොමු කර ඇති බවය. 

එමෙන්ම, ඇමසොන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී තිබෙන බව ද ඔහු පැවසීය.