වතු නිවාස පේළියක ගින්නක් (දර්ශන සහිතයි)
March 12, 2021 10:21 am
රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේළියක (12) දින අලුයම හටගත් ගින්නකින් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වී තිබේ.
නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසා සිටියේ, අලුයම 3 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගොස් ඇති බවය.
වතු ජනතාව, රාගල පොලීසියේ නිලධාරින්, නුවරඑළිය තුන්වන සිංහ රෙජිමෙන්තුවේ භට පිරිස් එක්ව ගින්න නිවා දමා තිබේ.
ගින්නෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් 14කට අයත් සමාජිකයන් 59 දෙනෙකු අවතැන් වී ඇති අතර එම පිරිස මේ වන විට කෝවිලක තාවකාලිකව නතර කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
ගින්නෙන් එම නිවාසවල පදිංචිව සිටි පදිංචිකරුවන්ගේ භාණ්ඩ සියල්ල ගින්නෙන් විනාශ වී ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැකකෙරේ.
ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.
