පොල්ගහඅරාව විදුහලේ සිසුන්ට මනුසත් දෙරණ පිහිටවෙයි
January 22, 2021 03:42 pm
සංගීත භාණ්ඩ නොමැතිව "සංගිතය නමැති විශ්ව භාෂාව" හැදෑරීමට උත්සහ ගන්නා බදුල්ල, වියලුව පොල්ගහඅරාව විදුහලේ දරුවන් පිරිසක් පිළිබඳව “අද දෙරණ“ වෙබ් අඩවිය විසින් 2020 සැතැම්බර් 16 තොරතුරු වාර්තා කළේය.
කාඩ්බෝඩ් මත ස්වර සටහන් කර සිය ඇඟිලි තුඩු හසුරුවමින් සංගීතය හැදෑරීමට ඔවුන්ට සිදුවූයේ අවශ්‍ය සංගීත භාණ්ඩ නොතිබූ බැවිණි.
දක්ෂ දරුවන් 179 දෙනෙකු සිටින එම පාසලේ සෞන්දර්ය විෂය ඉගැන්වීමට සිටින්නේ එක් සංගීත ගුරුවරයෙකු පමණි.
නමුත් ඔහුගේ සහ ළමුන්ගේ කැපවීම හේතුවෙන් එම පාසල සංගීත අංශයෙන් සමස්ත ලංකා තරඟ සඳහා ද සහභාගි වී තිබේ.
අඩුපාඩු රැසක් මැද අධ්‍යාපන හදාරන මේ පාසැලේ සිසුන්ට පානීය ජල පහසුකම්, විද්‍යාගාර පහසුකම්, ක්‍රීඩා භාණ්ඩ පමණක් නොව ක්‍රීඩා පිටියක් හෝ නොමැත.
එම සිසුන්ගේ බලාපොරොත්තු ද ඉටුකරමින් “මනුසත් දෙරණ“ ඊයේ (21) එම පාසලට ගියේ ඔවුන්ට අවශ්‍යව තිබූ සියලු සංගීත භාණ්ඩ ද රැගෙනය.
ඔවුන් එම සංගීත භාණ්ඩ භාර ගත්තේ පුදුමාකාර සතුටකිනි.
