මාරක කොහොඹ ගස

මාරක කොහොඹ ගස

December 4, 2020   02:38 pm

මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට කොහොඹ ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ සිය නිවසට යන අතුරු මාර්ගයකදී ඔහු මෙම අනතුරට ලක්වී ඇත.

හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 69ක දෙදරු පියෙකු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.