ශ්‍රී ලංකාවේ කාවන්ට අලුත් නිවහනක්
November 30, 2020 11:31 am
ලොව වඩාත් ම හුදකලා ව ජීවත් වන ආසියානු හස්තියා ලෙස හඳුන්වා දී සිටි පාකිස්තානයේ ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ වසර 30කට ආසන්න කාලයක් සිටි කාවන් හස්තියා කාම්බෝජියාවේ අභයභූමිය වෙත ගෙන ගොස් තිබේ.
36 හැවිරිදි මෙම ඇතා, මීට වසර 35කට පෙර ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට පරිත්‍යාග කර තිබුණි.
2012 වසරේදී සහකරු මියයෑමෙන් පසු කාවන් තනි විය.
ඉන්පසු අමෙරිකානු පොප් ගායිකාවක් වන "ෂර්" කාවන් වෙනත් ස්ථානයක ට යවන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම ඉල්ලීම් කළාය.



