3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කෙරෙන ආකාරය

3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කෙරෙන ආකාරය

November 3, 2020   11:19 am

3 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල සහයෝගය ඇතිව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය නැවත රට තුළ මතුවීම හේතුවෙන් නියමිත පරිදි පාසල් ආරම්භකිරීම ප්‍රායෝගික නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.