මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලට මනුසත් දෙරණින් සුහුරු පන්ති කාමරයක්

මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලට මනුසත් දෙරණින් සුහුරු පන්ති කාමරයක්

October 2, 2020   12:57 pm

ඊයේ (01) දිනට යෙදුණු ලෝක ළමා දින සැමරුමට සමගාමීව මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක  ප්‍රාථමික විදුහලට සුහුරු පන්ති කාමරයක් නොමිලයේ ලබාදීම “මනුසත් දෙරණ“ විසින් සිදුකළේය.

ඒ, මනුසත් දෙරණ මගින් දුෂ්කර පාසල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර ලෙසය.

ධාවනයෙන් ඉවත් කළ බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර, පුස්තකාල පහසුකම් නොමැති පාසල් වෙත ප්‍රදානය කිරීම සඳහා ඇරඹණු  ''බසයෙන් අනාගතයට'' වැඩසටහනට සමගාමීව දුෂ්කර පාසල් වෙත සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන “මනුසත් දෙරණ“ විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

එහි පළමු අදියර යටත් ජනාධිපතිවරයා විසින් පළමු "බස් පුස්තකාලය" ප්‍රධානය කළ මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලට එලෙස සුහුරු පන්ති කාමරක් ලබා දීම මනුසත් දෙරණ විසින් සිදුකළේය.

එම සුහුරු පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු ලෝක ළමා දිනයට අනුගාමීව ඊයේ ඇරඹුණු අතර ඊට හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂකවරිය සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා එක්ව සිටියහ.