ගෙවත්තට ආ ආගන්තුකයා

ගෙවත්තට ආ ආගන්තුකයා

September 22, 2020   11:38 am

පන්නල, කැකිල්ලපිටිය ප්‍රදේශයේ ගෙවත්තක දැලක පැටලී සිටි සුදු කැබැල්ලෑවෙක් ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන තිබේ.

එම ප්‍රදේශයේ වගාවන් ඉත්තෑවන්ගෙන් බේරා ගැනීමට එලා තිබූ මාළු අල්ලන දැලකට කැබැල්ලෑවා පැටලී සිට ඇත.

අද (22) උදෑසන චන්දන ක්‍රිෂාන්ත මහතාගේ ගෙවත්තේ, සිටිය දී මෙම කැබැල්ලෑවා සොයා ගෙන තිබේ.

දැලට පැටලී සිටි නිසාවෙන් සත්වයාගේ ශරීරයේ සුළු තුවාල දක්නට ඇති බව“අද දෙරණ“ වාර්තාකරු පැවසිය.

මේ වන විට සුදු කැබැල්ලෑවා කුරුණෑගල වනජීවි නිලධාරීන්ට බාර දීමට කටයුතු යොදා තිබේ.