පොල්ගොල්ල ජලාශයෙන් නිම වු ප්‍රේම සබඳතාව

පොල්ගොල්ල ජලාශයෙන් නිම වු ප්‍රේම සබඳතාව

July 7, 2020   09:02 am

කටුගස්තොට පොල්ගොල්ල ජලාශයට පැන ළමයින් දෙදෙනකු සියදිවි හානිකරගෙන තිබේ.

අද (07) උදෑසන මොවුන් ජලාශයට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මහනුවර නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සහ 17 හැවිරිදි තරුණියක සහ තරුණයෙකු මෙලෙස සියදිවි හානිකරගෙන තිබේ.

මොවුන් දෙදෙනාගේ මළ සිරුරු මේ වන විටත් ගොඩගෙන ඇති බව කටුගස්තොට පොලීසිය සඳහන් කළේය.

අද පාන්දර 5.45ට පමණ මොවුන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මතින් මහවැලි ගඟට පැන තිබේ.

මොවුන් දෙදෙනා පාසලේ 10 වන හා 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබ ඇති අතර, කලක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

මෙම සිසුවිය හා සිසුවා ඊයේ (06) දිනයේ සිට අතුරුදන්ව සිට ඇති අතර, ඔවුන්ගේ දෙමාපියන් විසින් ඔවුන් සොයමින් සිට තිබේ.

පසුව අද අලුයම කටුගස්තොට පොලීසියට පැමිණිලි කර ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම අසළ සිටින බව දැන ගැනීමට ලැබී ඇත.

දෙමාපියන් එම ස්ථානයට ළඟා වෙන විටම දරුවන් දෙදෙනා මහවැලි ගඟට පැන්න බව මියගිය පිරිමි දරුවාගේ පියා පවසයි.

දෙමාපියන්ගේ කෑ ගැසීමත් සමල ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති අතර, පසුව ඔවුන්ගේ සිරුර ගොඩ ගෙන තිබේ.

නමුත් ඔවුන් දෙදෙනා ගොඩට ගෙන එන විටත් මියගොස් සිටි බව කටුගස්තොට පොලීසිය පවසයි.