ඉටුකම අරමුදලට සවිය දෙන BNS Drive In Concert දෙවන දිනයත් සාර්ථකයි

ඉටුකම අරමුදලට සවිය දෙන BNS Drive In Concert දෙවන දිනයත් සාර්ථකයි

June 2, 2020   09:08 pm

කොවිඩ් 19 වෛරස ව්‍යෘප්තියත් සමඟ බිඳ වැටුණු ජනතාවගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා දෙරණ මාධ්‍ය ජාලය සහ භාතිය සන්තුෂ්  එක්ව සංවිධානය කළ "BNS ඩ්‍රයිව් ඉන් කොන්සර්ට්" ඊයේ දෙවන දිනටත් රත්මලාන ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පැවැත්වුණි.

සිය මෝටර් රථයේ සිට ප්‍රේක්ෂකයින්ට නැරඹීමට හැකි මෙම එළිමහන් ප්‍රසංගය, මෙරටදී සංවිධානය කෙරුණු එම ස්වරූපයේ පළමු ප්‍රසංගයයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෝටර් රථයේ සිට විඳිය හැකි මෙම නවමු ප්‍රාසාංගික අත්දැකීම පළමු වරට මෙරට ජනතාවට විඳගැනීමට අවස්ථාව උදාවූයේ ඉකුත් මැයි 30 වැනිදායි.

ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ "BNS  ඩ්‍රයිව් ඉන් කොන්සර්ට්" දෙවැනි ප්‍රසංගය ඊයේ පස්වරුවේ රත්මලාන ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පැවැත්වුණි.

භාතිය සන්තුෂ්, උමාරියා ඇතුළු තාරුණ්‍යයේ හද බැඳි ශිල්පීන් රැසක් සහභාගී වී සිටින ප්‍රසංගය හැඩ වුයේ ඉන්ෆිනිටි සංගීතයෙන්.

කොවිඩ් 19 වෛරස ව්‍යෘප්තියත් සමඟ බිඳ වැටුණු ජනතාවගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් පැවති "BNS  ඩ්‍රයිව් ඉන් කොන්සර්ට්" ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ඉපැයූ සියලු ආදායම " ඉටුකම " කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුලට පරිත්‍යාග කෙරුණි.

ඊට අදාළ චෙක්පත දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා සහ භාතිය - සන්තුෂ්  විසින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත භාර දෙනු ලැබුවේය.