ඉටුකම අරමුදලට සවිය දෙන BNS Drive In Concert

ඉටුකම අරමුදලට සවිය දෙන BNS Drive In Concert

May 30, 2020   09:01 pm

කොවිඩ් 19 වෛරස ව්‍යෘප්තියත් සමඟ බිඳ වැටුණු ජනතාවගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා දෙරණ මාධ්‍ය ජාලය සෞඛ්‍යා රක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධානය කළ "BNS ඩ්‍රයිව් ඉන් කොන්සර්ට්" මේ වන විට රත්මලාන ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පැවැත්වෙයි.

සිය මෝටර් රථයේ සිට ප්‍රේක්ෂකයින්ට නැරඹීමට හැකි මෙම එළිමහන් ප්‍රසංගය, මෙරටදී සංවිධානය කෙරුණු එවැනි ආකාරයේ පළමු ප්‍රසංගයයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෝටර් රථයේ සිට නැරඹිය හැකි මෙම නවමු ප්‍රාසාංගික අත්දැකීම දෙරණ මාධ්‍ය ජාලය විසින් ජනතාවට තිලිණ කරන්නේ භාතිය සන්තුෂ් සහ ඩයලොග් සමඟ එක්වයි.

"බී ඇන් එස් ඩ්‍රයිව් ඉන් කොන්සර්ට්" අද පස්වරු 5 ට රත්මලාන ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ආරම්භ වුණි.

භාතිය සන්තුෂ්, උමාරියා ඇතුළු තාරුණ්‍යයේ හද බැඳි ශිල්පීන් රැසක් සහභාගී වී සිටින ප්‍රසංගය හැඩ වන්නේ ඉන්ෆිනිටි සංගීතයෙන්.

හෙට දිනයේ දිවයිනටම ඇඳිරිනීතිය පනවා ඇති බැවින් හෙට දිනට නියමිත ප්‍රසංගය ජූනි පළමු වැනි සඳුදා දක්වා කල් දැමීමට සිදුව ඇති අතර, එය නැරඹීම සඳහා හෙට ප්‍රසංගය සඳහා මිලදී ගත් ප්‍රවේශපත්‍ර භාවිත කළ හැකියි.