පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

May 25, 2020   08:01 am

අන්තර් පළාත් බස් රථ ධාවනයේ දි කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර තිබේ. 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ කොළඹ නගරයට පිවිසීමට අවසර ලබා නොදි බස් රථ ධාවනය ප්‍රායෝගික නොවනු ඇති බවයි. 

හෙට (26) දිනයේ සිට අන්තර් පළාත් බස් රථ ධාවනය කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පළ කළේය.

බස් රථ හිමියන්ගේ ගැටලුවෙනුවෙන් ඉදිරියේ දි රජය අවධානය යොමුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවහන අමාත්‍යමහින්ද අමරවීර මහතා සදහන් කළේය.