සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ-ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල නැවත ආරම්භය අප්‍රේල් 20වැනිදා

සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ-ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල නැවත ආරම්භය අප්‍රේල් 20වැනිදා

March 17, 2020   06:50 pm

දිවයින පුරා පිහිටි සියළු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල දැනට ලබා දී ඇති නිවාඩුව දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

ඒ අනුව දැනට ලබාදී ඇති නිවාඩුව අප්‍රේල් මස 19 වන දින දක්වා ද දීර්ඝ කෙරෙන අතර මෙම ආයතනවල අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 20 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

රටෙහි පවතින රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.