කොවිඩ් 19 ගැන facebook හරහා අසත්‍ය ප්‍රචාර කළ තවත් පුද්ගයින් දෙදෙනෙක් හමු වෙයි
March 17, 2020 06:23 pm
අන්තර් ජාලය තුළින් සමාජයට වැරදි තොරතුරු ප්‍රචාරය කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධයෙන් අද (17) තෙරතුරු අදනාවරණය වු බව පොලීසිය පවසයි.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
මෙ පුද්ගලයින් ෆේස්බුක් ඔස්සේ කොවිඩ් -19 පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව හෙළි වී ඇත.
සමාජය බොහෝ විමසිලිමත්ව බලා සිටින මෙවන් අවස්ථාවක මොවුන් විසින් පුද්ගල මරණ පවා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇතැයි සඳහන් කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
තවත් එවැනි අසත්‍ය ප්‍රචාර කළ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් මිට පෙර නිතීමය පියවර ගත් අතර මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කර පපුද්ගලයින් 40ක් පමණ වාර්තා වී ඇති බවද ඒ මහතා පැවසීය.
ඔවුන් සම්බන්ධයෙන් ද ඉදිරියේ දී නිතිමය කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.
