කොස්මෝදර වෙළෙඳ සැල් දෙකක් ගිනි ගනී

කොස්මෝදර වෙළෙඳ සැල් දෙකක් ගිනි ගනී

March 16, 2020   03:48 pm

කොස්මෝදර පොලිස් වසමේ දෙනියාය පාර, වරල්ල ලිපිනයේ වෙළඳ සැල් 2ක හදිසි ගින්නක් ඇතිව තිබේ.

අද(16) උදෑසන 7.10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.

කොස්මෝදර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය, ප්‍රදේශවාසීන්ගේ හා අවට පොලිස් ස්ථානවල සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන තිබේ.

කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.