සයුරෙන් එතෙර
රියෝ සැණකෙළි සමයේදී කොවිඩ් පාලනයට සැලසුම්
February 13, 2020 03:11 pm
ලොව පුරා අධික වේගයකින් ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් ආසාදනය නොතකමින් රියෝ සැණකෙලිය ලබන 21වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.
බ්‍රසීලයට ආභරණයක් බදු වූ මෙම සැණකෙළිය නැරඹිම සදහා ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරයි.
බ්‍රසීලයේ රියෝ දි ජනයිරෝ නගරය මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ වාර්ෂික රියෝ සැණකෙලිය සඳහායි.
කෙසේ නමුත් කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙවර රියෝ සැණකෙලියේදී වඩාත් ආරක්ෂිත ක්‍රමවේද රැසක් අනුගමනය කිරීමට රියෝ බලධාරීන් සූදානමින් පසුවෙයි.
ඔවුන් ඒ බව සදහන් කළේ මාධ්‍ය දැනුම්වත් කිරීම සදහා පැවැත්වුණු විශේෂ වැඩමුළුවක් අතරතුරදීයි.
වැඩමුළුව සදහා රියෝ බලධාරීන්, මෙන්ම සෞඛ්‍ය අංශ රැසක් එක්ව සිටියි.
එහිදී සැණකෙලි සමයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සිදුවුණි.
සැණකෙලි සමයේදී භාවිත කළ යුතු විශේෂ ඒප්‍රන, මුව සහ අක්ෂි ආවරණ හදුන්වාදීම සිදුකෙරුණි.
බ්‍රසීලය තුළ මෙතෙක් කිසිදු කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, චීනයේ වූහාන් නගරයේ සිට නැවත බ්‍රසීලය වෙත ගෙනා පිරිසක් නිරෝධායනය සදහා යොමුකිරීමට රජය පසුගිය සතියේදී කටයුතු කළේය.
බ්‍රසීල සෞඛ්‍ය අංශ පවසන්නේ මේ හේතුවෙන් සැණකෙලි සමයේ වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.