ඉරාකයට නව අග්‍රාමාත්‍යවරයෙක්
සයුරෙන් එතෙර

ඉරාකයට නව අග්‍රාමාත්‍යවරයෙක්

February 2, 2020   11:36 am

ඉරාකයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මොහොමඩ් තවුෆික් අල්ලාවි පත් කර තිබේ. 

මාස හතරක් පුරා ඉරාකයේ පැවති විරෝධතාවලින් අනතුරුව එරට ජනාධිපති බර්හාම් සාලී විසින් එම පත් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

එරට පැවති විරෝධතා අතර තුර හිටපු අග්‍රාමාත්‍ය අඩෙල් අබ්දුල් මහදි පසුගිය නොවැම්බර් මාසයේ සිය ධුරයෙන් ඉල්ලා අස් විය. 

මොහොමඩ් තවුෆික් අල්ලාවි ඉරාකයේ සන්නිවේදන අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර තිබුණි.