කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට
January 23, 2020 07:24 pm
කැබිනට් තීරණය ක්‍රියාවට නංවමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලෙන් ඉවත්ව බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත අද(23) සිය අමාත්‍යංශය රැගෙන යාමට කටයුතු කළේය.
එහෙත් තවමත් කැබිනට් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන් සියලු දෙනා පෞද්ගලික ගොඩනැගිල්ල තුළ රැඳීසිටියි.
ප්‍රවීන සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත ලබා ගැනීමේදී ඉකුත් රජය සමයේ අක්‍රමිකතා සිදුව ඇති බවට වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණ වුණි.
ඒ අනුව මසකට රුපියල් ලක්ෂ 241ක කුලියක් ගෙවමින් අදාළ ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ පසුගිය දෙසැම්බර් 18 වැනිදායි.
කැබිනට් තීරණයෙන් දින 36 ක් ගතවන විටත් එම තීරණය ක්‍රියාත්මක නොවුණු පසුබිමක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද ගොවිජන මන්දිරය වෙත පැමිණ සිය වැඩ ඇරඹුවේය.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු තවදුරටත් රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලේ සිදුවන අකාරය දක්නට ලැබුණි.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය පුද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට පියවර ගත්තද අමාත්‍යංශයට අනුබද්ධ වෙනත් ආයතන කිහිපයක් එහි ස්ථාපිත කිරීමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වා දෙයි.
ඒ අතර විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ මස අවසන් වනවිට කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කටයුතු කරන බවයි.