සයුරෙන් එතෙර
කොරෝනා වෛරසය ආසාදිතයන් තුන්ගුණයකින් ඉහළට
January 21, 2020 08:15 am
චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන සති අන්තය තුලදී තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සෞඛ්‍ය සේවකයන් 14දෙනෙකුටද වෛරසය ආසාදනයවී ඇති බව එම වාර්තා සඳහන් කළේය.
චීනයේ වූහාන් ඇතුළු ප්‍රධාන නගර රැසකම කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.
බීජිං, ෂැංහයි, ෂෙන්සෙන් යන නගරවලින්ද ආසාදිතයන් හමුවූ බවයි එරට සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යයට පැවසුවේය.
ආසාදිතයන් ගණන ඉකුත් සති අන්තයේදී තුන්ගුණයකින් ඉහළගොස් ඇති බවත් ඔවුන් සඳහන් කළේය.
පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවන මෙම වෛරසය නිව්මෝනියාවට හේතුවන අතර එය ආසාදනය වීමෙන් උණ, කැස්ස, ශ්වසනයේ අපහසුතා සහ වෙනත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ මතුවිය හැකියි.
අදාළ වෛරසය බොහෝ දුරට සත්ත්වයින්ගෙන් මිනිසාට ආසාදනයවී ඇති බවටත් විද්‍යාඥයන් සැක පල කරයි.
එය පැතිර යාම පාලනය කිරීම සඳහා සතුන් සමඟ කටයුතු කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙසත් මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගන්නා ලෙසත් චීන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් නිරෝගී පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී ආරක්ෂාකාරී වන ලෙසත් ඔවුන් උපදෙස් ලබාදී තිබුණි.
වෛරසය ආසාදනයවී ඇති බවට නිල මට්ටමින් තහවුරුවී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් වුවත් නිල නොවන වාර්තාවලට අනුව එම සංඛ්‍යාව 1700 ඉක්මවන බව විශේෂඥයන් පවසයි.
මේ අතර ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේ නිරතව සිටි සෞඛ්‍ය සේවකයන් 14දෙනෙකුද කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති බව සඳහන් වෙයි.
චීනයට අමතරව ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාව යන රටවලින්ද මෙම වෛරසය හමුවී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
