ආගමික වතාවත් ඉටුකරන හින්දු බැතිමතුන්
සයුරෙන් එතෙර

ආගමික වතාවත් ඉටුකරන හින්දු බැතිමතුන්

January 16, 2020   10:52 am

ලොව පුරා හින්දු බැතිමතුන් ඊයේ තෛපොංගල් උත්සවය සැමරුවා.

ඉන්දීය වැසියන් තෛපොංගල් සැමරූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේය.

අස්වනු නෙලා අවසන් කිරීමෙන් අනතුරුව හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය සමරනු ලබයි.

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල මෙය සමරන්නේ මකර සංක්‍රාන්ති උත්සවයේ කොටසක් ලෙසයි.

එමෙන්ම තමිල්නාඩු වැසියන් සූර්යයා උතුර දෙසට සය මාසික ගමනක් සම්පූර්ණ කිරීමත් මෙහිදී සරමනවා.

පොංගල් යන්නෙහි අරුත උතුරායාම හෙවත් පිටාර ගැලීම යන්නයි.

ඒ අනුව මෙම උත්සවයේදී කිරි කලයක් උතුරවා පිටාරගලා යාමට සැලැස්වීමෙන් සිය පවුලට සෞභාග්‍ය උදාකර ගැනීමට හින්දු ජනතාව අපේක්ෂා කරයි.

හිරු දෙවියන් වන්දනා කිරීම තෛපොංගල් උත්සව සමයේදී හින්දු බැතිමතුන් ඉටු කරන තවත් චාරිත්‍රයක්.

සිය නිවෙස් ඉදිරිපිට කෝලම් රටා නිර්මාණය කිරීමට සහ කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරතවීමටත් හින්දු ජනතාව මෙහිදී අමතක කරන්නේ නැහැ.

පොංගල් බත යනුවෙන් හඳුන්වන සහලින් පිසූ රසවත් බත අසල්වැසියන් අතර  හුවමාරු කර ගැනීමෙන් තෛපොංගල් සැමරුම අවසන් කෙරෙයි.