යුරෝපා සංගමයේ LTTE තහනම තවදුරටත් දීර්ඝ වෙයි
January 14, 2020 03:09 pm
යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් දීර්ඝ කර ඇත.
යුරෝපා කවුන්සිලය විසින් ත්‍රස්තවාදී සාමාජිකයින් සහ සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව මෙම තහනම දීර්ඝ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව සාමාජිකයින් 15 දෙනෙකු සහ සංවිධාන 21 ක් මෙලෙස තවදුරටත් තහනම් සංවිධාන බවට පත්වනු ඇති.
ත්‍රස්තවාදී සාමාජිකයින් අතර වැඩි පිරිසක් ඉස්ලාමය අන්තවාදී සංවිධානවල නායකයින් බව ද යුරෝපා සංගමය උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මෙම සියළු සංවිධාන සහ සාමාජිකයින්ට යුරෝපා රටවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.
මේ අතර මලයාසියාව, ඉන්දියාව සහ යුරෝපා රටවල එල්.ටී.ටී.ඊක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.