සාග් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ සියලු රහස් හෙළිකරයි
January 11, 2020 04:14 pm
නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ ක ටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ විශේෂ හමුවකට එක්වූහ.
මෙම හමුව, සාග් ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පමණක් සිදුවීම විශේෂත්වයකි.
ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයෙකු සමඟ ඉතා ස්වාධීන ව එකිනෙකාගේ අදහස්, තරගාවලිය තුළ තමන් මුහුණ දුන් අත්දැකීම් ඇතුළු සියලු තොරතුරු හුවමාරු කරගැනීමට මෙවැනි අවස්ථාවක් මින් පෙර කිසිදා හිමි නොවූ බව ද, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙරට ක්‍රීඩා ක්ෂේත්රය ගැන දක්වන මෙම උද්යෝගය අතිශයින් අගය කරන බව ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සඳහන් කළහ.
ක්‍රීඩා දිවිය තුළ තමන්ට මුහුණ දෙන්නට සිදුවන අභියෝග, අසාධාරණකම් හා අක්රමිකතාවයන් නොබිය ව අනාවරණය කරන ලෙසත්, පුද්ගලයා හෝ තරාතිරම නොබලා එවැනි ගැටළු මතුකරන කවර හෝ අයගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීමට තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එක් එක් ක්‍රීඩා ඉසව්වලින් මෙවර සාග් තරගාවලිය නියෝජනය කළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග බලධාරීන්ගෙන් සැලකිය යුතු සහයෝගයක් අවධානයක් නොලැබුණු බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයත් ව තිබූ පහසුකම් නිසියාකාරව ලබාදෙනු වෙනුවට බලධාරීන් විසින් විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුකරන ලද බවත්, ක්‍රීඩා උපකරණ, ඇඳුම් පැළඳුම්, ආදියට මුදල් වෙන්කර තිබූ නමුත් නිසියාකාරව එම ප්රතිලාභ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වි නොමැති බවත් මෙහි දී අනාවරණය විය.
බලධාරීන් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි දක්වන ලද අනවධානය, නොසැලකිල්ල, මන්දගාමීබව නිසා යහපත් මානසික ශක්තියක් ඇතිව ආත්ම විශ්වාසයෙන් තරගවලට මුහුණ දීමට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් නොතිබූ බව ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අමාත්‍යවරයා හමුවේ සඳහන් කළහ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රජය විසින් නොමිළේ ලබාදෙන ලද පෝෂණ ආධාරය නැවතත් ලබාදීමට ද පුහුණු කාලසීමාව තුළ වෘත්තීය දීමනාවක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබාදීමට ද මෙහි දී අමාත්‍යවරයාගේ එකඟතාව පළ කෙරිණි.
ලංකාවේ රාජ්‍ය නායකයෙකු ක්‍රීඩා ආර්ථිකයක් (Sports Economy) ගැන ක්‍රීඩා විශ්වවිද්‍යාල ගැන කතාකරන තත්වයට පත්ව සිටීම මෙරට ක්‍රීඩාවට යහපත් අනාගතයක් උදාකිරීමේ සුබ සලකුණු බව ද, දැක්මක් ඇතිව ඉලක්ක හඹායාමේ හැකියාව ඇති ජනාධිපතිවරයෙක් සමඟ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඇමති පුටුවෙන් පිට්ටනියට බැස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවන් දෙන තැනට පැමිණීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
එමෙන් ම එළඹෙන ජනවාරි 14 වැනි දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නෙලුම්පොකුණේ දී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ ජාතික උත්සවයක් පැවැත්වීමට නියමිතව ඇත.
මෙවර සාග් තරගාවලියේ දී රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් ලෝකඩ පදක්කම් 128ක් සමඟ පදක්කම් 251ක් දිනාගනිමින් ශ්‍රී ලංකාව එම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර, මලල ක්‍රීඩා ඉසව්වලින් පමණක් ශ්‍රී ලංකාව මෙවර රන් පදක්කම් 15ක් දිනාගත් අතර 1991 වසරින් පසු එවැනි වාර්තාවක් තැබූ පළමු අවස්ථාව ද මෙයයි.
එමෙන් ම වසර 28කට පසු මලල ක්‍රීඩා ඉසව්වලින් ඉන්දියාව අභිබවා යමින් කලාපයේ පළමු ස්ථානයට පැමිණීමට හැකිවීම ද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ඇති සුවිශේෂත්වයකි.