මහමැතිවරණය වෙනුවෙන් ජයග්‍රාහී ගමනකට නායකත්වය දෙන්න සජිත් සූදානමින්

මහමැතිවරණය වෙනුවෙන් ජයග්‍රාහී ගමනකට නායකත්වය දෙන්න සජිත් සූදානමින්

December 22, 2019   07:18 pm

ජයග්‍රාහී ගමනක් සඳහා මහමැතිවරණය වෙනුවෙන් නායකත්වය දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කුරුණෑගල පඬුවස්නුවර අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ සියලු දෙනාට ස්තුති කිරීමේ ජනහමුවක් කුරුණෑගල බිංගිරියේදී අද පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

"නව දැක්මකින් ඉදිරියට යා යුතුයි කියනකොට සුපුරුදු විදිහටම මඩ පත්තර වරුසාවක් අපේ සාමාජිකයින්ගේ ගෙවල්වලට තැපෑලෙන්ම එවනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශන බෙදන්න කවුරුත් උදව් කළේ නෑ.

මඩ දේශපාලනයෙන් කවුරුත් විනාශ කරන්න බෑ."

අනතුරුව පඬුවස්නුවරදී සංවිධාන කළ ජනහමුවටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණි.