වැස්සෙන් පොළොන්නරුවේ කුඹුරු අක්කර 400 ක් විනාශයි

වැස්සෙන් පොළොන්නරුවේ කුඹුරු අක්කර 400 ක් විනාශයි

December 10, 2019   03:37 pm

පසුගියදා ඇඳහැලුන අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පඹුරාන ප්‍රදේශයේ කුඹුරු අක්කර 400 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

පොළොන්නරුව  පඹුරාන ප්‍රෙදේශයේ පසුගියදා ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් කහඹිලියා ගග පිටාරගලා කුඹුරු අක්කර 400 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

එසේ විනාශ වී ඇත්තේ මාස දෙකකට ආසන්න වී වගා බිම් බව ගොවීන් පවසනයි.

ගොවීන් ප්‍රකාශ කලේ ඔවූන් වර්ෂයකට එක් කන්නයක් පමණක් වගා කරන බවයි .

මෙවර විශාල වියදමක් දරා වගා කළද මෙසේ කුඹුරු බිම් විනාශ වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ඔවූන් තවදුරටත් පැවසුවේය. 

එසේම කහඹිලියා ඔයේ නිසි පරිදි ගැඹුරක් සහ පලළක් නොමැති වීම මෙලෙස ගඟ පිටාර ගැලීමට හේතු වී තිබේ.

ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කහඹිලියා ඔයේ නිසි පරිදි ගැඹුරක් සකස් කර ජලය නිසි ලෙස ගලා යාමට ඉඩ සලස්වා දෙන ලෙසයි.

එසේම විනාශ වූ වගා බිම් වලට සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙසත් ඔවූන් ඉල්ලා සිටියි.