වැඩට එන්නේ නැතුව පඩි ගන්න එකම රස්සාව මන්ත්‍රීකම-අනුර
November 9, 2019 09:25 pm
දේශපාලනඥයා සතු සියලු වරප්‍රසාද අහෝසි කළ යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ජාතික ජන බගවේගයේ තවත් ජනරැලියක් ගම්පොළ ප්‍රෙද්ශයේදී ඊයේ (08) පැවැත් විය.
ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර ජනරැලිය ඊයේ පැවැත් විය.
එහිද වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා,
" පක්ෂ මාරුව නතර කරනවා, මන්ත්‍රීකම වැඩට එන්නේ නැතුව පඩි ගන්න එකම රස්සාව.
වැඩ අවුරුදු 05ටම දින 20යි, විශ්‍රාම වැටුපක් හම්බවෙනවා,මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා."
