විදුලි සැර වැදීමෙන් දෙදෙරු පියෙක් මරුට
November 1, 2019 11:10 am
ජයන්තිපුර, දැහැමිගම ගම්මානයේ විහාරස්ථානයක දී විදුලි සැර වැදිමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අංක 1273, දැහැමිගම, ජයන්තිපුර, මින්නේරිය ලිපිනයේ පදිංචි සුද්දේගේ මුදියන්සේලාගේ සේන බණ්ඩාර නැමැති 43 හැවිරිදි දෙදරු පියෙකි.
මේ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ විහාරද්ථානයේ නාන කාමරයේ අලුත්වැඩියා කටයුත්තක් සිදු කරමින් සිටියදී මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.
පොළොන්නරුව පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.