යක්කඩුවේ ශ්‍රී රාහුල හිමිගේ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
October 6, 2019 09:51 pm
සියනෑ කෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරය, පහළ යාගොඩ ශ්‍රී සුගතනන්දාරාම පුරාණ විහාරය යන උභය විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (06) පස්වරුවේ පැවැත්විණි.
අද පස්වරුවේ පහළ යාගොඩ ශ්‍රී සුගතනන්දනාරාම පුරාණ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමු ව ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේ ය.
අනතුරු ව ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවයට එක් වූ අතර ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ විසින් අභිනව උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වන ලදී.
ජනාධිපතිවරයා අතින් උන්වහන්සේ වෙත විජිණිපත පිළිගැන්විණි.
සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් ඉටුකරන මෙහෙවර උදෙසා මල්වතු මහා විහාර පාර්ශ්වය විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන පඤ්ඤාවාස” යන ගෞරව නාමය සහිත ව සියනෑ කෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝානයක පදවිය පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී රාහුල ස්වාමින් වෙත පිරිනමා තිබේ.
උන්වහන්සේගේ මගපෙන්වීමෙන් දායක සභාවේ ධන පරිත්‍යාගයෙන් විහාරස්ථානයේ ඉදිකෙරුණු නව ධාතු මන්දිරය ද අද විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේකඛකාධිකාරී පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, කථානායක කරූ ජයසූරිය, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක් ව සිටියහ.
