බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 5ක් රෝහලට

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 5ක් රෝහලට

September 26, 2019   08:49 pm

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට අද(26) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 5 දෙනෙකු බගවන්තලාව  ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

බගවන්තලාව කැම්පියන් තේ වතුවල වැඩ කරමින් සිටියදි තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් එකවර ඇවිස්සි අද (26) පසව්රු3.45 පමණ තමන් බඹරුන් පහර දුන් බව මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.

බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙක් සහ වතු කම්කරුවෙක් තුවාල ලබා තිබේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන පරික්ෂණ පවත්වයි.