හෙට විකසිත වන නෙළුම් කුළුණ

හෙට විකසිත වන නෙළුම් කුළුණ

September 15, 2019   06:53 pm

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම්කුළුණ හෙට (16) විවෘත කෙරේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ උත්සවය හෙට පස්වරු 5.00ට පැවැත්වෙන අතර ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරනසියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කළේය.  

2012 වසරේඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙනඅතර එහි උස මීටර් 356ක් වේ.  

අමෙරිකානු ඩොලර්මිලියන 104යි දශම 3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතුසිදුකර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67ක මුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම්බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබේ. 

ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමනකොමිෂන් සභාව විසිනුයි.  

බේරේ වැව අසල ඉදිකර ඇති නෙළුම් කුළුණේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සදහා පමණක් වෙන් කර ඇති අතර පෙර නොවූ විරූ කැරකෙන අවන්හලකින් ද මෙය සමන්විතයි. 

මීටර් 244ක උසකින් යුතු අත්තිවාරමකින් ඉහළ ව්‍යුහයේවිවෘත අවකාශය මත ඉදිව ඇති නිරීක්ෂණ මැදිරිය කුළුණේ වඩාත් ආකර්ෂණීය ස්ථානය වන අතරඑහි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ශ්‍රී පාද කඳුවැටිය, කළුතර චෛත්‍ය යනස්ථාන පියවි ඇසින් පහසුවෙන් නැරඹිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.