පුරන් කුඹුරුවල මිරිදිය මසුන් බෝ කිරීමේ ව්‍යාපෘති රැසක් අරඹයි

පුරන් කුඹුරුවල මිරිදිය මසුන් බෝ කිරීමේ ව්‍යාපෘති රැසක් අරඹයි

August 3, 2019   10:42 pm

ගම්පහ දිස්ත්‍රික්කයේ පුරන් වූ කුඹුරුවල මිරිදිය මසුන් හා විසිතුරු මසුන් බෝ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධික්ෂණය මත ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ක් පුරා  ජුලි මස 29 දින සිට අගෝස්තු 05 දින දක්වා ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින්ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වී වගාකරන සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 6,295ක් වන අතර එයින් හෙක්ටයාර් 131ක් පුරන් කුඹුරු ලෙස හඳුනාගෙන තිබේ. 

මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩ පිළිවෙල යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් වගා කිරීම සඳහා උපරිම බිම් සැකසීම් සිදු කර ගොඩ වගාවන් සඳහා ද මෙම ඉඩම් ප්‍රයෝජනයට ගන්නා අතර එසේ ගොඩ භෝග වගාවන් වලට ප්‍රයෝජනයට ගත නොහැකි ඉඩම් හඳුනාගෙන මිරිදිය මසුන් හා සුරතල් මසුන් බෝ කිරීමේ ග්‍රාම්‍ය සංවර්ධන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබේ.

පුරන් කුඹුරුවල මිරිදිය මසුන් බෝ කිරීමේ ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන පිරිස් දිරිමත් කිරීම සඳහා ව්‍යාපාරික වශයෙන් මෙම ව්‍යාපෘතින් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්ෂූද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදීම හා මසුන් බෝ කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීම ආදී ව්‍යවසායකත්ව දැනුම හා මාර්ගෝපදේශනය ලබා දීම තුළින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන මඟින් මෙම සතිය පුරා උක්ත ව්‍යාපෘතීන් සවිබල ගන්වන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ. බී. ඇල්ලේපොළ මහතා පවසයි.

මෙම මිරිදිය මසුන් හා විසිතුරු මසුන් බෝ කිරීමේ නියමු ව්‍යාපෘතීන් ලෙස ජාඇල, හා  බියගම යන ප්‍රදේශවල ආරම්භ කර ඇත. ඒ යටතේ මේ වන විටත් ප්‍රතිලාභීන් විසිතුන් දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට මෙම ව්‍යාපෘති පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම හා මගපෙන්වීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති අතර ඉදිරියේදී කුඩා ව්‍යවසායකයින් දිරිමත් කිරීම සදහා වන ක්ෂුද්‍ර මුල්‍ය ණය පහසුකම්ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් සමෘද්ධි බැංකු මගින් ලබා දීමට පියවර ගන්නා බවත්  ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ. බී. ඇල්ලේපොළ මහතා වැඩිදුරටත් ප්‍රකාශ ක