මහින්ද මහත්තයාට ආපහු චාන්ස් නෑ-සමන්ත විද්‍යාරත්න

මහින්ද මහත්තයාට ආපහු චාන්ස් නෑ-සමන්ත විද්‍යාරත්න

July 25, 2019   05:24 pm

මහින්ද රාජපක්ෂ මහතාට නැවත බලයට පැමිණීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ඌව පළාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු පරාජය 2015 ජනාධිපතිවරණයෙන් ගෙන ආ බවත් පාර්ලිමේන්තු මැතිවරණය ඔස්සේ අගමැති වීමේ සිහිනය තිබුණ ද එය ද අහිමි වු ගිය බව සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක දී සිය අදහස් දක්වමිනි.

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රබල දේශපාලන අර්බුදයකට පත්ව ඇති බවත් විද්‍යාරත්න මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ද මේ වන විට සුදුසු නායකයෙක් නැති බවත් පක්ෂ අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රවී කරුණානායක මහතා දිගින් දිගටම සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරමින් සිටින අතර සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් ජනාධිපති වීමට සූදානමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

ඒ අතරම තවත් කිහිපදෙනෙකුම ජනාධිපතිවරයා වීමේ අපේක්ෂාවෙන් සිටින බවත් රටේ පවතින අර්බුදයට වඩා එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය විශාල බවත් සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් නරක දිශාවකට රට තල්ලු කරමින් තිබෙව බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.