සුදු ඇඳගෙන එන කළු මතවාදය පරාජය කළ යුතුයි

සුදු ඇඳගෙන එන කළු මතවාදය පරාජය කළ යුතුයි

July 24, 2019   09:25 am

අසූතුනේ කලු ජූලිය සහ පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ එන දේශපාලනමය මතවාදය අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතු බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් එහි ජාතික සංවිධායක එරන්ද ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැරදි මතවාද ඉදිරියට ගෙන එම නිසා සිදු විය යුතු නිවැරදි සංවාද සමාජ තුලින් යටපත් වී ඇති බවද ඒ මහත පෙන්වා දෙයි.

1983 වසරේ සිදු වු අත්දැකීම් වලින් උගත් පාඩම් අනුව නිවැරදිව කටයුතු නොකළොත් නැවතත් පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව සුදු ඇගෙන පැමිණේන කළු මතවාදය පරාජය කිරීමට නොහැකි බවද ඒ මහතා පැවසීය.

එසේ නොකළහොත් නැවතත් රට අගාදයට යෑම වැලැක්විය නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එම නිසා නිවැරදි සංවාධයක් රට තුල ගොඩනැගිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.