වෛද්‍ය ෂාෆි පිළිබඳ නඩු විභාගය හෙට
July 10, 2019 06:51 pm
වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට(11) යළි විභාග ගැනීමට නියමිතයි.
එහිදී මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර වෛද්‍යවරයාට එරෙහිව අදත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය,යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංගමය,සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අවසරයකින් තොරව මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා මව්වරුන් එකොළොස් දෙනෙකුට එල්.ආර්.ටී. සැත්කම් සිදුකළ බවට ඔවුන් චෝදනා කරන ඔවුන් ඒ අතුරින් මව්වරු 6 දෙනෙකුගේ තොරතුරු සහිතවයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරුණි.
