ප්‍රකාශයක් ලබා දෙන්න හිස්බුල්ලා FCIDයට
July 4, 2019 11:41 am
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණ තිබේ.
පෞද්ගලික ආයතන දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අද(04) පෙරවරු 10ට පමණ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණි තිබේ.
ඔහුගෙන් මේ වනවිටත් අදාළ ප්‍රකාශ ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.
