ජෙඩාවලදී අල්ලපු ත්‍රස්ත සැකකරු අරන් CID ය කාත්තන්කුඩි යයි-ඩෙටනේටර් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට

ජෙඩාවලදී අල්ලපු ත්‍රස්ත සැකකරු අරන් CID ය කාත්තන්කුඩි යයි-ඩෙටනේටර් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට

June 27, 2019   07:18 pm

ත්‍රස්තවාදී සැකකරුවෙකු වන හයාදු මොහොම්මදු අහමඩ් මිල්හාන් නැමැත්තාගෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී කණ්ඩායමේ සැකකරුවෙකු වන පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජෙඩා සිට මෙරටට රැගෙන පැමිණි මෙම පුද්ගලයා ඇතුළු පිරිස ‍තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීම් සිදු කරයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද(27) දිනයේ දී මෙම ත්‍රස්ත සැකකරු රැගෙන කාත්තන්කුඩි පොලිස් වසමේ ඔල්ලිකුලම් ප්‍රදේශයට ‍ගොස් තිබේ.

එහිදී අද සවස සැකකරුගෙන් ලැබුණු තොරතුරු මත එම ප්‍රදේශයේ පාළු කැලෑබඳ ඉඩමක ස්ථාන කිහිපයක වල දමා තිබිය දී ජෙලට්නයිට් කූරු 300 කට අධික ප්‍රමාණයක්, ඩෙටනේටර් 1000 ක්, ද්‍රව ජෙලට්නයිට් ලීටර් 8 ක්, ඩෙටනේටින් වයර් හා ටී 56 සජීව පතරොම් 475 ක් ඇතුළු තවත් භාණ්ඩ කීපයක් සොයා ‍ගෙන තිබේ.