තේරීම් කාරක සභාව පරිපාලන අමාත්‍යාංශ ලේකම්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුමත කරන්න බෑ
June 15, 2019 12:54 pm
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගිය 13 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් අනුමත කළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කලවාන පොතුපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා බුදු දහමට හානිකර තත්ත්වයක් ඇති වූ බවයි.
එසේම තිස් වසරක යුද්ධය නිමාකර වසර 10ක් ගතවීමට පෙර යලි රට තුළ ත්‍රස්ත බියක් ඇති වීම අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කලවාන, පොතුපිටිය මිහිඳුකලා විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සහිත චෛත්‍ය විවෘත කිරීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි.
අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන්නේය.
"මං හිතන්නේ නෑ මේ අයට බලයක් තියෙනවා කියලා එහෙම ප්‍රශ්න කරන්න.
තේරීම් කාරක සභාව පත් කරපු කාරණයක් තියෙනවා.
21 වනදා ප්‍රහාරය පිළිබඳවයි කතා කරන්න තියෙන්නේ.
ඇඳුම් ගැන කතාකරන්නේ..ප්‍රහාරයෙන් පස්සෙනේ චක්‍රලේකනය ආවේ. ඒ ගැන ප්‍රශ්න කරන්න බෑ." යනුවෙන් ඒ මහතා පැවසීය.
