නල්ලතන්නි නගරය පූජා නගරයක් සහ නව නගරයක් කරනවා
May 11, 2019 02:07 pm
නල්ලතන්නි නගරයේ එක් කලාපයක් පූජා නගරයක් ලෙසත් තවත් කලාපයක් නව නගරයක් ලෙසත් සංවර්ධනය කර දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) වැනිදා පෙරවරුවේ නල්ලතන්නියේදී මස්කෙළිය හා නල්ලතන්නිය ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමිනි.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට නිත්‍යානුකූල ඉඩම් හිමිකම නොමැතිවීමේ ගැටළුව විසඳීම සඳහා සියලූ පාර්ශවයන්ගෙන් සමන්විත සාකච්ඡාවක් කඩිනමින් කැඳවීමට කටයුතු කරන බව ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා විසින් සංවිධානය කර තිබූ මේ ව්‍යාපාර හමුව සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ද එක්විය.