සයුරෙන් එතෙර
අමෙරිකා-ජපාන-දකුණු කොරියා ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි
May 9, 2019 02:04 pm
අමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල්වල සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීම දකුණු කොරියාවේ සෝල් නුවර දී පවත්වා ඇත.
රටවල් තුන අතර 11 වන වරට පැවැත්වෙන මෙවර රැස්වීම සෝල් නුවර පිහිටි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශ මූලස්ථානයේ දී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොරියානු අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීම, න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය සහ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත.
කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 2008 වසරේ සිට වාර්ෂිකව රටවල් තුන අතර මෙම රැස්වීම පැවැත්වෙයි.