රෙදි උස්සපු හොරු මාට්ටු වුණ හැටි-දර්ශන සහිතයි

රෙදි උස්සපු හොරු මාට්ටු වුණ හැටි-දර්ශන සහිතයි

May 6, 2019   04:10 pm

අළුත් පාර මීගොඩ ප්‍රදේශයේ රෙදිපිළ වෙළඳ සැලකට ඇඳුම් මිලදී ගැනීමේ මුවාවෙන්  පැමිණි තරුණයින් දෙදෙනෙක් විසින් රුපියල් 10000ක් පමණ වටිනා කමින් යුත් නිමි ඇඳුම් සොරකමේ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස ඇඳුම් සොරකමේ යෙදුණු තරුණයින් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර තරුණයින් දෙදෙනා පැයකට ආසන්න කාළයක් ඇඳුකම් තෝරමින් සිටි නිසාවෙන් ඒ පිළිබඳව සැක සිතූ එහි කළමණාකරු විසින් ආරක්ෂිත කැමරා දර්ශණ නරඹා ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව අදාළ වෙළඳසලට පොලිස් නිලදාරීන් පැමිණෙන අවස්ථාවේදී එම තරුණයින් ඇඳුම් තොරමින් සිට ඇති අතර පසුව තරුණයින් දෙදෙනා පරීක්ෂා ඇදුම් කිහිපයක් සගවා ගෙන සිටි බව පොලිසීය පවසයි.

මෙම තරුණයින් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිටි කළ පරීක්ෂාවේදී  දෙදෙනා අතම රුපියල් 200/- ක මුදලක් පමණක් තිබූ බවත් ඔවුන් හැඳ සිටි ඇදුම් අතරේ හෙරොයින් මත් කුඩු පැකට් කිහිපයක් ද තිබී හමු වූ බවද පොලීසිය සඳහන් කළේය.

මෙලෙෂ අත් අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු සහ අවිවාහකයෙකි දෙදනාම වයස අවරුදු 35 ත් 45 ත් අතර අයවළුවන් වන බවද පොලීසිය පවසයි.

ඒ  අනුව සැකකාර තරුණයින් දෙදෙනා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලීසිය පවසයි.