මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අකුණුසැර වැදී අයෙක් මරුට

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අකුණුසැර වැදී අයෙක් මරුට

April 19, 2019   08:38 pm

මුලතිව්-විශ්වමඩු-පුත්තඩි ප්‍රදේශයේදී අද(19) සවස අකුණු සැර වැදීමෙන් පුද්ගයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ වර්ෂාවත් සමඟ හටගත් අකුණු සැර වැදීමෙන් 27 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට තිබේ.

අකුණුසැර වැදීම හේතුවෙන් මීට පෙර අවස්ථාවකදී යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

උතුරු පළාතේ මුලතිව්,වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රික්ක වෙත අද(19) සවස සැළකිය යුතු ප්‍රමාණයක වර්ෂාවක් ඇඳ වැටුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.