යතුරුපැදි අනතුරකින් ජීවිතයක් මහ මඟ නවතී

යතුරුපැදි අනතුරකින් ජීවිතයක් මහ මඟ නවතී

April 15, 2019   11:32 am

මොණරාගල-වැදිකුඹුර මාර්ගයේ වැදිකුඹුර ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් එත් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(15) පස්වරු 4.30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

මොණරාගල - වැදිකුඹුර මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති අතර ඉන් මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි  පුද්ගලයෙකි.

අනතුරට පත් යතුරුපැදි දෙකෙහි ගමන් ගත් ඉතිරි තිදෙනාද තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව අප වාර්තාකරු සඳහන් කළේය.