සයුරෙන් එතෙර
සුඩාන හමුදා කවුන්සිලයේ ප්‍රධානී ධුරයෙන් ඉවත් වෙයි
April 13, 2019 03:25 pm
සුඩාන හමුදා කවුන්සිලයේ ප්‍රධානී අවාද් ඉබන් ආවුෆ් ධුරයෙන් ඉවත්වී තිබේ.
ඔහුගෙන් හිස්වූ ධුරය සඳහා ලුතිතන් අබ්දෙල් ෆටා බර්හාන් නම් කර ඇතැයිද සඳහන්ය.
දශක 3ක පමණ කාලයක් සුඩානයේ පාලකයා ලෙස කටයුතු කළ ඔමාර් අල් බෂීර් කුමන්ත්‍රණයකින් ධුරයෙන් පහ කෙරුණේ ඔහුට එරෙහිව නැගුණු ප්‍රබල ජනතා විරෝධයකින්ද පසුවයි.
අනතුරුව බෂිර් නිවාස අඩස්සියට ගත් අතර එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවාද් ඉබන් ආවුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කවුන්සිලයක් පාලන බලය අත්පත් කරගත්තේය.
එහෙත් එම කවුන්සිලයටද ජනතාවගේ දැඩි විරෝධය පලවූ අතර තමාට අවශ්‍ය සිවිල් රජයක් මිස හමුදා පාලනයක් නොවන බවයි සුඩාන වැසියන් ප්‍රකාශ කළේය.
එමෙන්ම නව හමුදා කවුන්සිලයද පෙර පැවති බෂීර් රෙජීමයේම කොටසක් බවටත් ඔවුන් චෝදනා කර සිටියේය.
නව හමුදා කවුන්සිලයේ ප්‍රධානී ඉබන් ආවුෆ් ධුරයෙන් ඉවත්වී තිබෙන්නේ මෙවන් පසුබිමක් තුළදීය.
කෙසේ වෙතත් හමුදා කවුන්සිලය පවසන්නේ ඉදිරි වසර දෙක තුළ තමා බලයේ රැඳී සිටින බවයි.