සයුරෙන් එතෙර
ඉතිහාසයේ මිනිසාට එරෙහිව සිදුවු අමානුෂිකම අපරාධයක මතකය සමරයි
April 8, 2019 11:01 am
රුවන්ඩා ජන සංහාරය ලෝක ඉතිහාසය තුළ මිනිස් වර්ගයාට එරෙහිව කළ අමානුෂිකම අපරාධවලින් එකක් ලෙස සැළකෙයි.
එය සිදු වී විසිපස් වසරක් ගත වීම නිමිති කරගෙන එරට තුළ සැමරුම් රැසක් සංවිධානය කර තිබේ.
රුවන්ඩා ජන සංහාරය සිදු වී විසි පස් වසරක් ගත වීම නිමිත්තෙන් මෙම අනුස්මරණ උත්සවය සංවිධානය කර තිබුණි.
1994 දී රුවන්ඩාවේ සිදු වූ ජන සංහාරයේදී දින සියයක් ඇතුළත අට ලක්ෂයක් දෙනා මරා දැමුණු බව ඇස්තමේන්තු කර තිබේ.
මෙම අවස්ථාවට එරට ජනාධිපති පෝල් කගාමේ සහ ජාත්‍යන්තර නියෝජිතයන් පිරිසක් එක්ව සිටියේය.
ඒ අතරට යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් යන්කර් සහ බෙල්ජියමේ අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් අයත්.
මෙම අනුස්මරණ උත්සවය පැවැත්වුණේ ගිසෝසි අනුස්මරණ පරිශ්‍රයේදීයි.
ජන සංහාරයෙන් මියගිය 2 50 000කගේ සිරුරු එම භුමියේ මිහිදන් කර ඇති බව සඳහන් වෙයි.
එහිදී පුෂ්පෝහාර දක්වා මියගිය පිරිසට ගෞරව දැක්වීමට කටයුතු කළේය.
මෙහිදී අනුස්මරණ ගිනි සිළුවක් දල්වනු ලැබූ එම අවස්ථාවට රුවන්ඩා ජනාධිපතිවර පෝල් කගාමේ එක්වුණා.
මේ අතර ජන සංහාරයෙන් මියගිය පිරිස සිහිපත් කර එරට තුළ තවත් සැමරුම් රැසක් සංවිධානය කර තිබේ.
1994 වර්ෂයේ අප්‍රේල් මස 6 වැනිදා සිට දින 100ක් තුළ දෛනිකව මිනිසුන් දහස් ගණනකට දිවි අහිමි කළ වූ රුවන්ඩා ජන සංහාරය අරම්හ වන්නේ හුටුවරුන් දෙදෙනෙකු වූ එවකට රුවන්ඩා ජනාධිපති යුවෙනාල් හබ්යරිමානා සහ බුරුන්දි රාජ්‍යයේ සිප්‍රියන් ටර්යමීරා රැගත් ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කර ඔවුන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසුව යි.
කෙසේ වෙතත් එම ප්‍රහාරයට වගකිව යුතු පාර්ශව මෙතෙක් හඳුනාගෙන නැහැ.