සද්ධාතිස්ස රජු ඉදි කළ දීඝවාපිය ප්‍රතිනිර්මාණය වෙයි

සද්ධාතිස්ස රජු ඉදි කළ දීඝවාපිය ප්‍රතිනිර්මාණය වෙයි

April 3, 2019   11:47 am

සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කරන ලද දීඝවාපිය දාගැබ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

1947 දී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අම්පාර, දීඝවාපිය චෛතිය ප්‍රතිනිර්මාණයට අවශ්‍ය විශේෂිත වර්ගයේ ගඩොල් සපයා ගැනීමට ඒ අනුව යෝජනා වී තිබේ.

මෙම ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය වන ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ලබා ගැනීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.