ශ්‍රීමා දිසානායක මැතිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට
March 31, 2019 07:04 am
අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (01) බොරැල්ල පොදු සුසාන භූමියේ දි සිදුකෙරෙයි.
ඒ මහත්මියගේ දේහය කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර විශාල පිරිසක් දේහයට ගෞරව කිරීම සදහා සහභාගී වූ බවයි අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.
අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන අගහරුවාදා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
දේහය මේ වන විට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර ඇත.
මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද බොරැල්ල සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.